ම්‍ය්දල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් අරඹමින් ඊයේ එරටට ලඟා විය.
ඉන්දියාවේ ශ්‍රීලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් අමාතවරයා පිළිගන්නා ලද බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
බැසිල් රාජපක්ෂ මහතා අද සහ හෙට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ රජයේ වෙනත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සමග සාකච්ඡා පවත්වනු ඇත.
ඉන්දියාවේ පළවන ද හින්දු පුවත්පත වාර්තා කළේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් සහයෝගය ලබාගැනීම , හීනවන විදේශ සංචිත ශක්ටිමත් කරගැනීම ඇතුළු සහයෝගීතාව එහිදී අමාත්‍යවරයා අපේක්ෂා කරනු ඇති බවයි.
රාජපක්ෂ පුනරාගමනයේ ප්‍රධාන සැලසුම් කරු ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දී ඇති ද හින්දු පුවත්පත පවසන්නේ ඔහු ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර සබඳතා ගොඩනැගීමේ ප්‍රමුඛ කාර්‍යයක් ඉටු කරන්නෙකු බවයි.