දකුණු අප්‍රිකාවෙන් ලොව පුරා ව්‍යප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය , ඔමික්‍රොන් මෙරටට ඇතුලු වී නැතැයි කිව නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඳ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
අපිටත් අනුමාන කරන්න පුළුවන් මේ වනවිට ලෝකයේ විවිධ රටවල පැතිරිලා තියෙන තත්ත්වය දිහා බලන කොට ලංකාවට කොහෙත්ම ඇවිල්ලා නැහැ කියන වචනය කාටවත් කියන්න බැහැ.
නමුත් ලංකාවට කෙලින්ම අති විශාල ජනතාවක් දකුණු අප්‍රිකානු රටවලින් පැමිණෙන්නේ නැති නිසා අනිත් අයට වඩා සමහරවිට ප්‍රමාද වෙන්න පුළුවන්.
අපි විශ්ලේෂණය කරන්නේ සාම්පලයක් අරගෙන පමණයි. ඒ නියැදියට හසුවෙන තරමට මේ ප්‍රභේදය පැතිරෙන තෙක් අපිට අහුනොවෙන්න ඉඩ තියෙනවා.”