යුද සමයේදී එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් වලදමන ලද බව කියන රත්තරන් සොයා කැනීම් සිදුකිරීමට අමාත්‍යාංශය ලේකම්වරුන් දෙදෙනෙකු සම්බ්න්ධයෙන් මුද්‍රිත මාධ්‍ය විසින් අද දිනයේදී ප්රවෘත්ති පළකර තිබෙනවා. ඒ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ද සිටින බවයි එම වාර්තා වල සඳහන් වුයේ.
ඒ අනුව එම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් වහාම අත්හිටුවා ඇත.
සම්බන්ධීකරණ ලේකම්වරයා සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන්හි පුවත් වාර්තා වු බවත් එම වාර්තාවන් හා සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට අමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත ඉල්ලීමක් කර ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
යුද සමයේදී මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්රන් තොගයක් රහසිගතව ගොඩගැනීමට තැත්කළ, කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පුද්ගලික කාර්යය මණ්ඩලයට අයත් ලේකම්වරු දෙදෙනෙකු පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඔවුන් දෙදෙනා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරුන් බව වාර්තා විය.