පොලිසියට පැමිණි පුද්ගලයාට මුහුණ දෙන්න සිදුවූ අකරතැබ්බය

November 30, 2021 at 12:55 PM

අවශ්‍යතාවයක් සඳහා පොලීසියට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය රිළවෙකු රැගෙන යෑමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා. එම පුද්ගලයා මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ බකමූණ පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පුද්ගලයා මෙසේ සඳහන් කර සිටියා,

“මම පොලීසිය ළඟ යතුරුපැදිය නවත්වලා තිබුණේ. යතුරුපැදියේ තිබුණු මල්ලේ මුදල් පසුම්බිය දාලා තිබුණා. මම දාක්කා යතුරුපැදිය ළඟ රිළවු කිහිපදෙනෙක් ඉන්නවා. මම නැවත එනවාත් සමගම එක රිළවෙක් මල්ලේ තිබුණු මුදල් පසුම්බිය අරගෙන ගහට නැග්ගා. ඊට පස්සේ ගස් උඩින් පැන පැන ඈතට ගියා. පසුම්බියේ රුපියල් 2,000ක් තිබ්බා. බැංකු කාඩ්, රියදුරු බලපත්‍රය, හැඳුනුම්පත වගේ වැදගත් ගොඩක් දේවල් තිබුණා. කොහේ ගියත් කරදරයක් තමයි වෙන්නේ.”

අප වාර්තාකරු සඳහන් කළේ එම පුද්ගලයාගේ මුදල් පසුම්බිය හමුවී නොමැති අතර ඔහු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.