2015 සිට ලංකාවේ ගෑස් අනතුරු 233ක්! මෑතකාලීන තත්ත්වය සුළුකොට තකන්න බෑ – ඇමති අලගියවන්න

November 29, 2021 at 1:39 PM

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෑතකදී මතුව ඇති තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බව පාරිභෝගික කටයුතු පිලිබඳ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මේ දිනවල සිදුවන ගෑස් සම්බන්ධ අනතුරු පිලිබඳව පාර්ලිමේන්තුවට අදහස් පළකල අමාත්‍ය වරයා පැවසුවේ 2015 සිට මේ දක්වා ලංකාවේ භාවිත වන ගෑස් සමාගම් දෙකටම අදාළව ගෑස් අනතුරු 233ක් වාර්තා වන බවයි.

නමුත් එම තත්ත්වය මෑතකාලීන ව ඉහල ගොස් ඇති බව පිලිගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.



ශ්‍රීලංකා ප්‍රමිති ආයතනය වාර්තාකරන පරිදි ලංකාවේ ගෑස් සංයුතිය සම්බන්ධයෙන් ප්‍රමිතියක් නෑ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරවත් නෑ. අනික් අතට මොරටුව විශ්ව විද්‍යාලය කියනවා මේ ගෑස් සංයුතිය වෙනස් වීම ගෑස්පීඩනයට බලපානවා කියලා.
ඒ නිසා අපට මේ ගැන දැන්ම කිසි දෙයක් කියන්න බෑ “

ලෙසින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.