ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන එලොන් මස්ක්ගේ රොකට් සමාගමක් වන SpaceX සහ එහි චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink ඔස්සේ මෙරටට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා සාකච්ජා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද නිවේදනය කර සිටියා.
ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවා හඳුන්වාදීම පිළිබඳව ගවේෂණය කිරීම සඳහා SpaceX සමඟ මූලික වටයේ සාකච්ජා ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් TRCSL පැවසුවේ.
ශ්‍රී ලංකාව සඳහා නුදුරු අනාගතයේ දී සේවාව ආරම්භ කිරීමේ නියාමන අංශ සහ පූර්ව අවශ්‍යතා පිළිබඳව පළමු සාකච්ඡා වටයේ අවධානය යොමු වූ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක්ගේ රොකට් සමාගමක් වන SpaceX හි චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink ඉකුත් නොවැම්බර් මස 01 වෙනිදා දින ඉන්දියාවේ සිය ව්‍යාපාරය ලියාපදිංචි කරනු ලැබුවා.
ඉන්දියාවේ අන්තර්ජාල සේවා දියත් කිරීමට එම සමාගම සූදානම් වන බවට ඔවුන් විසින් ඉන්දීය රජයට ගොනු කර ඇති සමාගම් ලේඛන උපුටා දක්වමින් එරට මාධ්‍ය අනාවරණය වී ඇත්තේ.
Starlink යනු SpaceX වෙතින් වන අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතියක් වන අතර එය විශ්වාසදායක සහ දැරිය හැකි සේවාවක් සමඟ දුරස්ථ ප්‍රදේශවල සම්බන්ධතා ගැටළු පියවීම අරමුණ වී ඇත්තේ.