මහනුවරදී මහවැලි ගඟට මෝටර් රථයක් පෙරළෙයි : පුද්ගලයෙකු අතුරුදහන්

November 28, 2021 at 9:58 AM

මහනුවර, ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී තිබෙනවා,

අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයින් තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර එයින් පුද්ගලයින් දෙදෙනෙකු මුදාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු අතුරුදන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ වන විට එම පුද්ගලයා සහ මෝටර් රථය සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.