ඔලුගෙඩි මාරුවකින් බලය ලබාගැනීමේ අපේක්ෂාවක් නෑ – විපක්ෂ නායක කියයි

November 28, 2021 at 8:13 AM

දේශපාලන අස්ථාවරත්වයක් හමුවේ බලය ලබාගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නොවන  ක්‍රම අනුගමනය නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පිලියන්දල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ නියමිත පරිදි මැතිවරණ ක්‍රියාදාමයකින් තොරව ඔලුගෙඩි මාරුවකින් බලය ලබා ගැනීමක් නොකරන බවයි.

ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සාමාජික පක්ෂ අතර මත භේදයක් මතුව ඇති පසුබිමකයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසන්නේ ඇතැමුන් ශ්‍රීලංකා නිදහස් පක්ශය හෙළා දකින්නේ පොදු ජන  පෙරමුණු නායකයින්ගේ ආශිර්වාදය ඇතුවදැයි සැක මතුවන බවයි.

මීලඟ මැතිවරණයකදී ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් මේ වනවිටත් තමපක්ෂය තුල ඇති බවත් ඔහු පවසයි.