උතුරේදී පොලිසියට පහරදුන් පිරිස රාජගිරියේදී අල්ලයි

November 26, 2021 at 10:04 AM

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර බරපතළ තුවාල සිදුකිරිමේ චෝදනා මත පුද්ගලයින් 06 දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් පසුගිය ඔක්තොම්බර් මස 4 වනදා ධර්මපුරම්, පිරමන්දාරු ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් සමථයකට පත්කිරීමට ගිය ධර්මපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට පහරදීමක් සිදුකර තිබුණා.

එහිදි එක් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර පහරදුන් පුද්ගලයින් සොයා පොලිස් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

ඒ අනුව ඊට සම්බන්ධ පුද්ගලයින් 06දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිටියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (26) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.