කොළඹ නගර ශාලාව ඊයේ රාත්‍රියේ තැඹිලි වර්ණයෙන් දිස් විය.
ඒ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙනි.
මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති දිනයකි.
ලොවපුරා සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ජීවිත කාලය තුළදී කිසියම් ප්‍රචණ්ඩත්වය කට ගොදුරුවන බවයි සංඛ්‍යා වාර්තා වල දැක්වෙන්නේ .
අදින් ආරම්භ වී දින 16ක් මෙම කාන්තා ප්‍රචණ්ඩත්වය ට එරෙහි වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වේ.
මේ අතර අද පාර්ලිමේන්තු සැසිවාරය සඳහාත් කාන්තා මන්ත්‍රීවරියන් පැමිණියේ තැඹිලි පැහැයෙන් සැරසී වීම විශේෂත්වයකි .