පාරු ඛේදවාකය: කින්නියා නගර සභාවේ සභාපති අත්අඩංගුවට

November 25, 2021 at 4:45 PM

කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ දි පාලම් පාරුවක් පෙරලි හය දෙනෙකු මියගොස් විසිදෙනෙකු තුවාල ලැබිමේ සිද්ධියට එම පාලම් පාරුව ධාවනයට අවසර දිමේ චෝදනාවට කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම්.නලිම් අද දහවල් කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටගනු ලැබු සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව කින්නියා පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.