අද සිට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අකුරට වැඩ

November 25, 2021 at 1:31 PM

අද මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනය කර සිටිනවා.

අද පැවති මාධ්‍ය හමුවකදි ඔවුන් කියා සිටියේ ඉල්ලීම් 6 ක් මුල් කරගන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

දහවල් 12 සිට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අනුව ඔවුන් සේවයට වාර්තා කරන්නේ උදෑසන් 8.30 සිට සවස 4.15 දක්වා පමණයි.

නමුත් හදිසි තත්වයන් හා බිඳ වැටීම්වලදී පමණක් නියමිත රාජකාරී කාලයෙන් පිටත සේවයෙන් වාර්තා කරන බව විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දී සිටියි.