විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියකු සිය හෝමාගම ගලවිල වත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසනවා.
සැකකාර එම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරයා මහරගම ප්‍රාදේශීය ප්‍රබල දේශපාලනාඥයකුගේ පියකු බවයි වාර්තා වන්නේ. එම දේශපාලඥයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බවයි පොලිස් නිලධාරියකු සඳහන් කර සිටියේ.
බොහෝ අවස්ථාවල පස්වරුවේ සිට පසුදින පහන්වන තුරු නිවස ඉදිරිපිට විදුලි කණුවලට සවිකර තිබෙන අධි බලති විදුලි බල්බ දැල්වෙමින් තිබෙන බවට දින කීපයක සිට ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මාර්ගයේ තිබෙන විදුලි කණුවලින් අධිබලැති විදුලි බල්බවලට හොර රහසේ විදුලිය ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකළ නිලධාරියෙකු සඳහන් කර සිටියේ.
සැකකාර විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා නිත්‍යානුකූල විදුලි සැපයුමක් නිවසට සපයා තිබියදී අමතර වයරයක් යොදා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කණුවලින් විදුලිය ලබා ගෙන අමතර ලාම්පු දැල්වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.