කින්නියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නිවසට ප්‍රහාරයක් (VIDEO/PHOTOS)

November 23, 2021 at 2:54 PM

කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළීමෙන් සිදුවූ ඛේදජනක සිදුවීමෙන් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් ගේ නිවසට කෝපවූ ගම්වැසියන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ ද කින්නියාව ප්‍රදේශයේවීම විශේෂත්වයක්.

මගීන් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාව පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6 දෙනකු මියගොස් තවත් 17 දෙනකු රෝහල්ගත කර ඇති අතර සිද්ධියෙන් බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.

දීර්ඝ කාලයක් තිස්සේ කුරින්චන්කේනි පාලම ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් මෙම මගී පාරු යාත්‍රා සේවය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් පසු අද දින කින්නියා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද වාර්තා වූ අතර, බලධාරීන්ගේ නොහැකියාවට විරෝධය පළ කරමින් මහජනතාව පොලිසිය සමඟ ගැටුමක් ඇති කර ගනු ලැබුවා.

සිද්ධිය වන අවස්ථාවේ යාත්‍රාවේ සිටි අතුරුදන් වූ මගීන් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විටත් සෝදිසි මෙහෙයුමක නිරත වනවා.

Image

Image

Image