අබාන්ස් විසින් පළමු වරට Black Friday අත්දැකීම සිය පාරිභෝගිකයන් වෙත සමීප කරයි

November 23, 2021 at 5:03 PM

වසරේ Black Friday දිනය උදාවන කාල සීමාව සෑම අයෙකුම සාප්පු සවාරි යාම වෙනුවෙන් විශේෂ උනන්දුවක් දක්වන කාල සීමාවක් වශයෙන් හඳුන්වනු ලබයි. සාප්පු සවාරි උණුසුම ඉහළ යන මේ කාලයේ Black Friday වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් පෙළ ගැස්වීමට අබාන්ස් විසින් කටයුතු යොදා ඇත.

මේ වසරේ Black Friday වෙනුවෙන් 2021 නොවැම්බර් 28 වැනිදා දක්වා ඔබව පුදුමයට පත් කරන වටිනා තෑගි ලබා දීමට කටයුතු යොදා ඇත. ඔබත් කොරියානු Netflix Series එකක් වන Squid Games හි ප්‍රේක්ෂකයෙකු නම් මෙම අභියෝගය ජය ගැනීම ඔබට වඩාත් පහසු වනු ඇත.

ඔබ කොළඹ නගරය හෝ ඒ ආසන්නයේ වාසය කරන හෝ
ගැවසෙන අයෙකු නම් නිතරම අවට ප්‍රදේශය දෙස අවදානයෙන් සිටීමට කටයුතු කරන්න. එවිට කලු පැහැති බැළුන් දැක ගැනීමට හැකි වනු ඇත.

ඔබ විසින් කළ යුත්තේ කලු පැහැති බැළුනය වෙත හැකි ඉක්මණින් ගමන් කිරීමයි. එලෙස බැළුනය වෙත යන ඔබට වටිනා තෑගි වවුචර් දිනා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

ඔබට මෙම Black Friday දීමනාව මඟ හැරුනත් දුක් වෙන්න එපා. Black Friday සේල් වෙතින් ලොව විශිෂ්ඨතම නිෂ්පාදන රැසක් 2021 නොවැම්බර් 25 සිට 28 දක්වා ඇදහිය නොහැකි වට්ටම් සමගින් හිමිකර ගැනීමේ අවස්ථාව ඇත.

ඒ අනුව අබාන්ස් එලයිට් ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන ඔබට කලු පැහැති බැළුන් විවිධ නිෂ්පාදන මත තබා තිබෙන ආකාරය දැක ගත හැකි වනු ඇත. ඔබ විසින් කළ යුත්තේ එම කලු බැළුනය වෙත ඉක්මණින්ම ගොස් එය ලබා ගැනීමයි.

මුලින්ම එය ලබා ගන්නා පුද්ගලයාට නිෂ්පාදනයට හිමිවන වට්ටමට අමතරව තවත් වට්ටමක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

ඔබත් ලඟම ඇති අබාන්ස් එලයිට් ප්‍රදර්ශනාගාරය වෙත ඉක්මණින්ම ගොස් අබාන්ස් Black Friday සුපිරි වාසි අත්කර ගන්න.