කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගාවලිය ට සහභාගී වීමට සිම්බාබ්වේ බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
කණ්ඩායම් 9ක් එම තරගාවලිය සඳහා සහභාගී වන අතර එය අද ඇරඹුනා.
එක් ක්‍රීඩිකාවක් සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ආසාදිත ක්‍රීඩිකාවන් තිදෙනා හඳුනාගෙන ඇති බවයි ජාත්‍යනතර ක්‍රිකට් කමිටුව නිවේදනය කර සිටින්නේ.
මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී එම ක්‍රීඩිකාවන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත. කෙසේ වුවත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දැනට හුදෙකලා කොට ඇති අතර ලබන අඟහරුවාදා නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරගයට පෙර නැවත වතාවක් PCR පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව ඇත.