ජනවාරි 01 වෙනිදා සිට ත්‍රිරෝද රථ සිදුවන වෙනස්කම්

November 21, 2021 at 9:05 AM

දිවයින පුරා ඇති සියලුම ත්‍රීවිල් රථ මිටර් ටැක්සි බවට පත් කිරිම ලබන ජනවාරියේ සිට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටිනවා.

මහනුවර සිට සරසවි උයන දක්වා ද්විත්ව දුම්රය මාර්ගයක් ඇරබිමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ත්‍රීවිල් රථ සදහාද අයවැයෙන් ප්‍රථම වතාවට මුදල් ප්‍රතිපාදන වෙන් කල බවත් ඔවුන්ගේ සුභ සිද්ධිය ගැන බලන අතර එලෙසම ජනතාවට පහසුකම් ලබාදිය යුතු බවයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ජනවාරි 1 වනදා සිට බස්නාහිරින් ත්‍රිවිල් රථ මිටර් ක්‍රමයට ආරම්භ කරන අතර මාස තුනක් තුල දිවයිනේ සියලුම ත්‍රිවිල් රථ මිටර් ටැක්සි බවට පත් කිරිම සදහා ගැසැට් නිවේදනය සුදානම් කර ඇති බවත් එය ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කරනු ලබන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

මෙම ක්‍රමය දැනුවත් කිරිම සදහා කාලයක් ලබා දි ඇති බවත් දිවයිනේ සියලුම රථ මිටර් ක්‍රමයට ආරම්භ කරන අතර එය නොකරන අය සදහා නිති මාර්ගයෙන් කටයුතු කිරිමට නිතිද සකසා ඇති බවයි රාජ්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටියේ.

ත්‍රීල් රථ මගින් හොද සේවයක් සපයනු ලබන බවත් එලෙසම ජනතාවටද යම් සහනයක් ලැබිය යුතු බවත් ත්‍රිවිල් රථ මගින් රාත්‍රි කාලයේදී විශාල මුදලක් ගාස්තු ලෙස අයකිරීමෙන් ජනතාව අපහසුතාවයට පත් කරන බවට චෝදනා එල්ල වී ඇති බැවින් මෙම ක්‍රමය මගින් සියල්ලන්ටම හොද සේවාවක් ලැබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.