නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර දී තිබෙනවා. කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ගගත සැලැස්මට අනුව එම අවසරය හිමිව ඇත.
ඒ අනුව, මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත් අවශ්‍ය පසුබිම් සකස් කරමින් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සඳහන් කළේ.
යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එම අවසරය හිමිවන්නේ ආනයන අපනයන බලතල ප්‍රකාරව බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ.