සරසවි සිසුන් ලියාපදිංචිය ඇරඹෙන දිනය

November 19, 2021 at 10:27 AM

2020 අධ්‍යයන වර්ෂයට අදාළ කඩඉම් ලකුණු මත විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පළමු සතියේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ එක් එක් විශ්වවිද්‍යාල මට්ටමින් එය සිදු කරන බවයි.

මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000 කට වැඩි සංඛ්‍යාවක් උපාධි පාඨමාලා සඳහා තෝරා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් ක‌ළේ.