අගමැති වෙනුවෙන් ජනපති තැබූ සටහන

November 18, 2021 at 9:53 AM

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්ම දිනය අදට යෙදී ඇත.

ජනාධිපතිවරයා තැබු සම්පූර්ණ ෆේස්බුක් සටහන මෙසේය.

“කුඩා කල සිට ම ඔබ ඇසුරෙහි හැදී වැඩුණු අපට ඔබේ මානව හිතවාදී ඇවතුම්පැවතුම් අරුමයක් නොවේ.

එදාමෙදාතුර සුවහසක් ජනයාගේ සාතිශය ගෞරවාදරයට පත් ව ඇත්තේ ඔබ තුළ ඇති ජනහිතකාමීත්වය නිසා යැයි කීම අතිශයෝක්තියක් ද නොවේ. එවන් යුග පුරුෂයෙකුගේ ගුරුහරුකම් ලැබීම ද මා ලද භාග්‍යයකි.

ලාංකේය දේශපාලනයේ නො මැකෙන සලකුණක් තැබූ විශිෂ්ටයාණෙනි, සටන්කාමියාණෙනි, මගේ දයාබර සොයුරාණෙනි, ඔබට සුබ ජන්ම දිනයක් වේවා!”

May be an image of one or more people and text

මේ අතර සිය පියාගේ උපන්දිනය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.