කංසා බෝගය වගා කිරීමෙන් විදේශ විනිමය සපයා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ප්‍රකාශ කර සිටිනවා. 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය සහභාගී වෙමින් ඇය එම අදහස් පළ කර සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය,
“2025 වන විට කංසා සඳහා ලෝක වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන 8.6ත් 10.5 අතර වන ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ලංකාවේ බොහෝ ඖෂධ නිසි පරිදි වගාකර, අපට අපනයනය කර විදේශ විනිමය ලබාගත හැකියි. අපි යන්න ඕනේ නෑ IMF එකට සල්ලි ගන්න. IMF එකට යන්න ඕනෙත් නෑ, කාගෙන්වත් ණය ගන්න ඕනත් නැහැ. අපිට පුළුවන් මේ බෝගය වගා කරලා, මේකෙන් විදේශ විනිමය අපට සපයා ගන්න පුළුවන්.”
අද ලොව පුරා රටවල් 50 ක අධික ප්‍රමාණයක් ගංජා වගාවේ නිරත වන බවත් ආයුර්වේද ප්‍රතිකාර සඳහා ද ගංජා අත්‍යවශ්‍ය ඖෂධයක් බවත් ඇය පෙන්වා දෙනවා.
කංසා මඟින් සාදා ඇති රූපලාවන්‍ය ද්‍රව්‍ය , දත් බෙහෙත්, දත් බුරුසු, ක්‍රීම් වර්ග තමන් ගෙන ආ බවත් නීතිය අනුව ඒවා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ හැකියාවක් නැති බවත් ඇය සඳහන් කර සිටියා.