අංගොඩ ලොක්කාගේ මරණය ගැන ලැබූ වාර්තාව

November 17, 2021 at 12:20 PM

ප්‍රධාන පෙලේ සංවීධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ගේ මරණය ඉන්දියාවේ දී සිදුවී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සිදුකළ DNA පරීක්ෂණයකට අනුවයි.

ඉකුත් වසරේ ජුලි මස 03 වෙනිදා ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හදිසි හෘදයා බාධයකින් ජිවිතක්ෂයට පත්වූ බවට එරට මාධ්‍ය වාර්තාකර සිටියා. ඒ ඔහු ප්‍රදීප් සිං නම් අනවර්ථ නාමයකින් පෙනී සිටිමින් සිටියදීය.

මියගිය අංගොඩ ලොක්කාගේ සිරූරේ අවසන් කටයුතු ඉන්දියාවේදී සිදුකෙරුණ අතර මියගියේ ඔහුමදැයි කරුණු සනාථ කර ගැනීමට DNA පරීක්ෂණයක් ද සිදුකරනු ලැබුවා. ඒ සඳහා ඉන්දීය ආරක්ෂක අංශ විසින් මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගනු ලැබුවා.

ඒ අනුව මෙරට ජීවත්වූ අංගොඩ ලොක්කාගේ මවගෙන් ලබා ගන්නා ලද DNA සාම්පල් ඉන්දියාවට යවනු ලැබූ අතර එහිදී ඉන්දියාවේ චෙන්නායි වෛද්‍ය පරීක්ෂණාගාරයක මෙම DNA සාම්පල් පරීක්ෂණය සිදුකර තිබෙනවා.

එහිදී ලබාදුන් ‍DNA වාර්තාව අනුව ඉකුත් 2020 ජුලි 20 වෙනිදා හදිසි හෘදයාබාධයක් වැලදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අංගොඩ ලොක්කා බවට තහවුරු වී ඇත.