මෙරට ගරා වැටෙන ආර්ථිය යලි නගා සිටුවමින් පොදුජන ආණ්ඩුවක් බිහිකිරීමේ වගකීම සමගි ජනබලවේගය භාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පා ගමන කොල්ලුපිටිය මංසන්ධියේ දී අවසන් කටමින් පැමිණ සිටි පිරිස ඇමතූ විපක්ෂ නායකවරයා
“අද මේ මහා ජනරැළිය අපි පවත්වන්නේ මේ රටේ දුක්විඳින ජනතාව දුකෙන් මුදවන්න ට.
මේ රට තුළ ඒකාධිපතීත්වයකට අපි ඉඩ දෙන්නේ නැහැ.
මේ ස්වෛරී ශ්‍රී ලංකාවේ කතා කිරීමේ නිදහස තියෙනවා.
ගරා වැටෙන ආර්ථිකය, කඩා වැටෙන ජන සමාජය, යළිත් වරක් ගොඩනගලා මේ රටේ පොදු ජන ආණ්ඩුව බිහිකරනවා.
මේ රටේ පොදු ජනතාව රටේ වගකීම සමගි ජන බලවේගයට ලබාදෙනවා.”