අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට හෙට සිට බුස්ටර් එන්නත

November 16, 2021 at 10:46 AM

වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට සිට ආරම්භකරන බව වාර්තා වනවා.

අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටියේ.

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කර ඇති අය එම මාත්‍රාව ලැබීමට සුදුසුකම් ලබන බව ඔහු සඳහන් කර සිටියේ.

පළමු සහ දෙවැනි මාත්‍රාව ලෙස කුමන එන්නත් වර්ගයක් ගත්තද තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.