නීත්‍යානුකූල නොවන මෝටර් වාහන හා යතුරුපැදි ලියාපදිංචියට ‘සමා කාලයක්’ දෙයි.

November 13, 2021 at 6:06 AM

රජයේ 2022 අයවැය යෝජනාවලියට අනුව මෙරට ලියාපදිංචි කර නොමැති මෝටර් වාහන සහ යතුරුපැදි ලියාපදිංචිය සඳහා සමාකාලයක් ප්‍රකාශයට පත් කිරීමටයෝජනා කෙරේ.

මෙය රජයේ ආදායම් උපයා ගන්නා ක්‍රමෝපායන් ලෙස මුදල් අමාත්‍යවරයා අයවැය කතාවෙන් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව බදු නොවන ආදායම් සම්බන්ධ යෝජනා වල තුන්වැන්න ලෙස මෙම නීත්‍යානුකූල නොවන වාහන ලියාපදිංචි කිරීමට සහනකාලයක් යොජනා කෙරේ.

ඒ සඳහා දඩ මුදලක්ද අයකිරීම ට යෝජනා කර ඇත.