යූරියා ගෙන්වන්න අද කැබිනට් මණ්ඩලයට යෝජනාවක්. ඇමති එස් .එම් චන්ද්‍රසේන පාර්ලිමේන්තුවට කියයි.

November 12, 2021 at 7:33 AM

මෙරට පොහොර අර්බුදය ට විසඳුමක් ලෙස 50%ක් යූරියා ගෙන්වීමට අද කැබිනට්  මණ්ඩලයේදී අවසර ඉල්ලා සිටින බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

 

පාර්ලිමේන්තුවේ දී අදහස් පළකරමින් ඔහු පැවසුවේ ක්‍රමානුකූලව මෙරට පොහොර නිෂ්පාදනය සිදුකිරිම ආරම්භ වීමෙන් පසු 2025 වන විට එම තත්ත්වය සාර්ථක වනු ඇති බවයි.

” මම ශ්‍රීලංකා පොදුජන ගොවි පෙරමුණේ සභාපති ,ගරු කථානායක තුමනි .

අපි දන්නවා මේකට ලොකු විරෝධය ක් ඇවිත් තියෙනවා.වකුගඩු රෝගතියෙන අයත් පෙළපාලි යන තත්ත්වයක් තියෙන්නේ. ඒකෙ තේරුම මම දන්නෙනෑ.

නමුත් මමත් කැබිනට් මණ්ඩලයට හෙට දිනයේදී යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා ,ප්‍රසිද්ධියේ කියන්නෙ ඒකයි.

අපි දන්නවා පොස්පරස් පොටෑසියම් අපේ  රටේ තියෙනවා .අඩු ගාණෙ යූරියා 50%ක  වත් නයිට්‍රජන් අවශ්‍යතාවක් තියෙන්නෙ .ඒ නිසා 50%ක් වත් 2022 ගෙනල්ලා ,2023 දි 25%ක් ගෙනල්ලා ,2025 වෙද්දි අපේ රටේ පොහොර නිෂ්පාදනය කරගන්න පුලුවන් වෙයි.

එම නිසා අද ජනාධිපතිවරයා ට එම යෝජනාව ඉදිරිපත් කරනබවයි  අමාත්‍යවරයා සඳහන් කළේ.

2022 අයවැය යෝජනාවලිය ට අමාත්‍ය මණ්ඩල නිර්දේශ සහ අනුමැතිය ලබාගැනීම සඳහා අද විශේෂ කැබිනට් රැස්වීම ක් පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.