උත්සවවලදී ඡායාරූප ලබා ගැනීමේදී මුඛ ආවරණය ඉවත් නොකිරීමට වග බලාගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසනවා. ඡායාරූප ලබා ගැනීමේදී මුඛ ආවරණය ඉවත් කිරීමට ඉල්ලා නොසිටින්නැයි ඡායාරූපකරණයේ යෙදෙන පුද්ගලයන්ගෙන්ද ඉල්ලීමක් කරන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.
“උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුඛ වැස්ම ඉවත් කිරීමට බොහෝ දෙනෙක් පුරුද්දක් හැටියට කරගෙන යනවා. මේක ඒ තරම් හොඳ ක්‍රියාවලියක් නෙමෙයි. මොනම හේතුවක් නිසාවත්, අත්‍යවශ්‍ය හේතුවක් ඒ කියන්නේ වතුර හෝ කෑම ගැනීම සඳහා හැර වෙන කිසිම අවස්ථාවක මුඛ වැස්ම ඉවත් කිරීම නොකළ යුතුයි.
ඒ වගේම තමා මංගල උත්සව සහ අනෙක් සාද පැවැත්වීම දැන් වැඩිවෙමින් පවතිනවා මෙහිදී අපි උපරිම සීමාවක් සඳහන් කර තිබුණත් එයට ළඟා නොවී අවම සංඛ්‍යාවකින් මේ කටයුත්ත නිම කරන්න පුළුවන් නම් ඒක තමා වැදගත් වෙන්නේ.
මෙවැනි උත්සව එකතුවීම් හරහා ජනතාවගේ සමාජික අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන ගමන් අපිට මේ රෝගය බෝවෙන එක වළක්වා ගන්න නම් සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඡායාරූප ශිල්පයේ යෙදෙන සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා ඡායාරූපය ගැනීම සඳහා මුඛ ආවරණය ඉවත් කරන්න කියන ඉල්ලීම කරන්න එපා. මොනම හේතුවක් නිසාවත් විනාඩි කිහිපයක ට හෝ මුඛ ආවරණය ඉවත් කරන්න එපා.”
කොවිඩ් රෝගීන් වාර්තා වීම සම්පූර්ණයෙන්ම අවසන්ව නොතිබුණද පාසල් පවත්වාගෙන යාමට තීරණය කළේ එය අත්‍යාවශ්‍යම ක්‍රියාවලියක් වීම නිසා බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.