ලක් සතොස ආයතන හරහා සහල් සහ සීනි මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ වර්ග 05ක් මිලදී ගත යුතු බවට පනවා තිබු කොන්දේසිය ඉවත් කල බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.
සීනි සහ සහල් සමග මිලට ගන්නා ලෙසට දැනුම් දී සිටියේ රටේ සුපිරි වෙළෙඳසැල් සහ වෙනත් වෙළෙඳ සැල් මගින් වැඩි මිලට මිලදී ගැනීමට තිබෙන භාණ්ඩ වර්ග 15ක් ලක් සතොස හරහා අඩු මිලට ගැනීමට අවස්ථාව ලබාදී ඇති නිසා බවයි මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.