සූක්ෂම ලෙස ශරීරයේ සඟවා ගෙන සිටි කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 50කට ආසන්න සංඛ්‍යාවක් සමග කෙන්යානු ජාතිකයෙක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (31) උදෑසන 10.30ට පමණ කෙන්යාවේ සිට අදාළ සැකකරු මෙරටට පැමිණ තිබු අතර පසුව ගුවන් තොටුපොළෙන් පිට වී යෑමේ දී සැකපිට එම පුද්ගලයාව අත්අඩංගුවට ගැණුනා.
එහිදී ශරීර පරීක්ෂණ යන්ත්‍රය මඟින් පරීක්ෂා කිරීමේ දී සැකකරුගේ උදරයේ සැකකටයුතු දෙයක් සඟවා ඇතැයි නිරීක්ෂණය වී ඇත.
පසුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරුගේ උදරයේ කොකේන් මත්ද්‍රව්‍ය ගුලි සඟවා ඇතැයි ඔහු පිළිගෙන තිබු අතර ඒ අනුව ගුලි 50ක් පමණ සැකකරු උදරයේ සඟවා තිබෙන බව නිරීක්ෂණය වී තිබේ.
එයින් මත්ද්‍රව්‍ය ගුලි 6ක් ගුවන් තොටුපොළ තුළදීම සැකකරු විසින් පිටතට ගෙන ඇත.
ඉදිරි විමර්ශන සඳහා සැකකරු හා නඩු භාණ්ඩ රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශය වෙත භාර දී තිබේ.