හෙට සිට ඇරඹෙන පොදුප්‍රවාහන සේවා සම්බන්ධයෙන් නිවේදනයක්

October 31, 2021 at 5:53 PM

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම ත් සමග හෙට සිට පොදු ප්‍රවාහන සේවාවන් ද ක්‍රියාත්මක වේ.

ශීු ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රනවක මහතා සඳහන් කරන්නේ අදත් අධිවේගී සහ සාමාන්‍ය අන්තර් පලාත් සදහා බස් රථ සීමිත ප්‍රමාණයක් ධාවනය කළ බවයි.

ඒ සඳහා මගීන් ආසන මට්ටමට පමනක් රැගෙන යන බව ඔහු පැවසීය .
හෙට සිට ලංගම සතු බස් 5500 යෙන් 5000 ක් ධාවනය ට යොදවන බවද සභාපති වරයා සඳහන් කරයි.
අධිවේගී මාර්ගයේ ද බස් රථ හෙට දිනයේ සිට ධාවනය වනු ඇති.

වායු සමනය කරන බස්රථ විසබීජහරණය කර ඇති අතර මේ අවස්තාවේදී බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නැති බවද සභාපති වරයා සඳහන් කළේ ය.

මේ අතර හෙට සිට ධාවනය වන දුම්රිය කාලසටහන මෙසේයි.