වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු පසුගිය හත් වන දා පස්වරුවේ දී දියේ ගිලී මියගොස් තිබුණා. එසේ මියගිය පුද්ගලයාගේ මල සිරුර පසුගිය 08 වෙනිදා සොයා ගැනීමට ඇල්ලවල ගම්මානයේ තරුණයන් පිරිසක් කටයුතු කරනු ලැබුවා.
පසුව මල සිරුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට එම සිරුර වැල්ලවාය මූලික රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී සිදු කල PCR පරීක්ෂණයේදී මියගිය පුද්ගලයාට කොවිඩ් ආසාදිත වී ඇති බවට අනාවරණය වී තිබේ.
මෙම මලසිරුර සොයාගන්නා අවස්ථාවේදී එම සිදු වීම දැකබලා ගැනීමට ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් කුඩා දරුවන් ද රැගෙන කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර එම ස්ථානයට පැමින සිටින ආකාරය ද දක්නට ලැබුණා.