දෙසැම්බර් මාසය වනවිට සංචාරකයින් ලක්ෂ 4 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
ඒ සඳහා රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි එහි සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ. සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සෑම පහසුකමක්ම සලසන බව ද සභාපතිවරයා සඳහන් කර සිටියේ.
මේ අතර විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පිසිආර් පරීක්ෂණවලට ලක්නොකිරීමෙන් රට තුළ නැවත් කොවිඩ් රැල්ලක් මතු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම මාර්ගඋපදේශවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් විදේශ රටකින් එන්නත් ලබාගෙන හෝ පිසිආර් පරීක්ෂණවලට ලක්ව ඇත්නම් ඔවුන් කිසිදු කොවිඩ් පරීක්ෂාවකට ලක් නොකර ඔවුන් කටුනායක ගුවන්තොටුපලෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබීම භයානක තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සඳහන් කර සිටින්නේ.