අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් කන්ටේනර් 400ක් නිදහස් කෙරේ

September 29, 2021 at 9:11 AM

කොළඹ වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කිරීම සඳහා මහ බැංකුව විසින් විසින් රාජ්‍ය බැංකු දෙකකට ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරනවා.

අවශ්‍ය නම් තවත් මුදල් එලෙස නිකුත් කිරීමට හැකියාව පවතින බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ.

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ බහලුම් 800ක් පමණ සිරවී තිබූ අතර, මේ වනවිට ඉන් 400 ක් පමණ නිදහස් කර ඇති බව ද සඳහන්.