ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන්ද ලබන මස පළවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට ද රජය තීරණය කර ඇත.
ඒ අනුව ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය කර ඇත. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පැමිණීමට හැකිවන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව සමාන පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වී ඇති බව සඳහන්.
රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් ව්ශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නුදුරේදීම නිකුත් කිරීමට නියමිතයි.
මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කිරීමට සුදානම් කරමින් ඇත.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ දහවල් පවත්වා ඇත. එම සාකච්ජාව සඳහා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ ප්‍රවාහන ඇමති පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද බස් සංගම්, ත්‍රීරෝද සංගම් ඇතුළු සංගම් වල නියෝජිත පිරිසක් ද සහභාගිවිය.