රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයේ තිබු මුදල් සොරකම් කරයි

September 28, 2021 at 9:35 AM

මින්නේරිය ප්‍රදේශයේ පිහිටා තිබු රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයක තිබු මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මින්නේරිය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කර සිටිනවා.

එම ATM යන්ත්‍රය අයත් රාජ්‍ය බැංකුවේ කළමනාකාරවරිය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එහිදී සිදුකළ විමර්ශන අනුව ඉකුත් 26 වෙනිදා රාත්‍රියේ බට්ටා වර්ගයේ ලොරි රථයකින් පැමිණි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් අදාළ ATM යන්ත්‍රයේ තහඩු කපා දමා මුදල් සොරකම් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ATM යන්ත්‍රයේ තිබී සොරකම් කරනු ලැබූ මුදල් ප්‍රමාණය කොපමණද යන්න ගැන මෙතෙක් ගණන් බලා නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.