පොලීසියේ අභ්‍යන්තර ලිපි සමාජ මාධ්‍යයේ දැම්මොත් දඬුවම්!

September 26, 2021 at 6:25 PM

අද පෙරවරුවේ සිට වට්සැප් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලිපියක්  සංසරණය වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ලිපියෙන් දක්වා ඇත්තේ වට්සැප් සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණෙන පණිවුඩයක් සම්බන්ධවයි.

කෙසේ වෙතත් එය විවිධාකාරයෙන් ප්‍රසිද්ධියට පත් කිරීම ගැන අවධානය යොමුව ඇති බව පොලීසිය කියයි.

එලෙස එම තොරතුරු පැතිරවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද එහි සඳහන් වේ.