අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වැඩි කිරිමට යයි

September 25, 2021 at 9:46 AM

කිරි පිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීම සඳහා ඊයේ රැස්වූ ජීවන වියදම් කිමිටුවේදී තීරණය වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිලද රුපියල් 80 කින් ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ. සීනි ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් සමාගම් ඉල්ලීම් කර ඇත්තේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 350 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 140 කින් වැඩිකරන ලෙසයි.

මිට අමතරව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 10කින් ද, සිමෙන්ති කොට්ටයක රු. 50 කින් සහ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 550කින් ඉහළ දැමීමට නිර්දේශ ඉදිරිපත් වී ඇති බව සඳහන්.

කෙසේ වුවත් මෙම මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සඳුදා රැස්වෙන කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරනු ඇත.