01 සිට 05 ශ්‍රේණිය දක්වා සිසුන් සම්බන්ධයෙන් රජය ගත් තීරණය

September 24, 2021 at 6:49 PM

වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත්දීම අවශ්‍ය නොවන බැවින් කොවිඩ් උවදුර සමනයවීමත් සමග පාසල් යළි විවෘත කිරීමේදී 1 සිට 5 ශ්‍රේණිවල පාසල් 3,884ක් මුල් අදියර යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.

පාසල් යළි විවෘත කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (24) සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසන්නේ.