නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට අද දිනයේදී රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබෙනවා.
කේෂ්ත්‍ර 03ක් යටතේ මෙම සැලැස්ම සකස් කෙරෙන අතර රාජ්‍ය අංශයේ යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ සේවාවන් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව කම්කරු අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය විශේෂඥ කමිටු හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නිර්දේශ නිකුත් කිරීමට නියමිතය.
අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ග්‍රාමීය සංවර්ධන කමිටු සහ ජනමාධ්‍ය කේෂ්ත්‍රයේ පූර්ණ සහාය ලබාගත යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ.
කොවිඩ් මර්ධන කමිටුවේදී ගනු ලැබූ තීන්දු තීරණ පහතින් දැක්වේ :