‘සයිනොෆාම් ‘එන්නත් නිෂ්පාදනාගාරයේ දී මෙරට චීන තානාපති ගෙන් ඉල්ලීමක්.

September 23, 2021 at 6:30 PM

ශ්‍රී ලංකාව තුළ සයිනොෆාම් එන්නත් පිරවීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ වැදගත්කම යළි අවධාරණය කෙරේ.

මෙරට චීන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඇතුළු පිරිසක් අද එරට සයිනොෆාම් එන්නත් නිෂ්පාදනාගාරයේ සංචාරයක නිරත විය.

එහිදී ඔහු එම බලධාරීන් හමුවේ පැවසුවේ එන්නත් පිරවීමේ මධ්‍යස්ථානයක් ශ්‍රීලංකා වේ ආරම්භකිරීම ගැන සලකා බලන ලෙසයි.

මීට පෙර පසුගිය 7 දා ද පාලිත කොහොන මහතා ජනාධිපතිවරයා ගේ ලිපියක්  සයිනොෆාම් සමාගමේ සභාපති ලියු ජිං ශෙන් මහතාට භාරදුන්නේය.

මේ වනවිට මෙරටට වාණිජ පදනමින් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 23ක් ලබා දී ඇති බව එරට ශ්‍රීලංකා තානාපති කාර්‍යාලය නිවේදනය කරයි.