පාසැල් ඇරඹීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

September 23, 2021 at 1:35 PM

පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා,

අදියර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සම්බන්ධයෙන් හෙට (24) දිනයේ ජනතාව දැනුවත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව පාසැල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් හෙට දිනයේදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

පාසල් යළි ආරම්භකිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබු අතර එම මාර්ගෝපදේශවලට අනුව පාසල් විවෘත කිරීම පිළිබඳව කටයුතු සැලසුම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර පාසල් යළි ආරම්භකිරීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කර සිටියා.