පාස්කු ප්රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා ඊයේ (22) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර විරෝධතාවක් පැවැත්වුණා.
මෙම විරෝධතාවය පැවැත්වුණේ, නිව්යොක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රධාන කාර්යාලය ඉදිරිපිටදීයි. අමෙරිකාවේ සිටින ශ්රි ලාංකිකයින් පිරිසක් විරෝධතාවය සංවිධානය කර තිබුණා.
පාස්කු වාර්තාව එළිදක්වන ලෙසත්, ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන විනිවිද භාවයකින් යුක්තව සිදුකරන ලෙස මෙහිදී විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.