වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරයන්හි මෑතකාලීන සිදුවීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කිරීමට රජය කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් බන්ධනාගාර දෙකක් තුළට ඇතුළු වීම සහ ගිනි අවියක් පෙන්වා ඉකුත් සැප්තැම්බර් 12 වෙනිදා අනුරාධපුර බන්ධනාගාරයේ සිටි දෙමළ සිරකරුවන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වි ඇත.
අද පාර්ලිමේන්තුවේදී මෙම සිදුවීම් පිළිබඳව නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අලි සබ්රි ඇමතිවරයා මෙම සිද්ධීන් හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බව ප්‍රකාශ කර සිටියා.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් තර්ජනය කළ බව කියන දෙමළ සිරකරුවන්ගෙන් තමන් සමාව අයදින බවට ද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.