05 හැවිරිදි දැරිය අපහරණය කළ 20 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට

September 21, 2021 at 11:01 PM

අවුරුදු 5යි මාස 8ක් වයසැති දැරියක් අපහරණය කරමින් ඊට අදාල දර්ශන සිය ජංගම දුරකථනය හරහා වීඩියෝ ගත කොට මිතුරන් හා බෙදාගත් 20 හැවිරිදි තරුණයෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර අත් අඩංගුවට ගත් තරුණයා ද ඊට යාබද නිවසක පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එසේම මෙම තරුණයා විවාහකයෙකු බව ද පොලිසිය සඳහන් කරන අතර පැය 72 ක රැඳවුම් නියෝග භාරයේ ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම තරුණයා විසින් මෙම බිලිදියට බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව ද වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම දැරියගේ මවුපියන් පවා මෙම තරුණයා දන්නා බවත් එම හැඳුනුම්කම අවභාවිත කරමින් මොහු මෙම දැරිය හො ර රහසේ අවස්ථා කිහිපයක දී අපහරණය කොට ඊට අදාළ දර්ශන රූගත කොට ඇති බව ද සඳහන්.

දැරිය අපහරණය කරන වීඩියෝව පෙන්වූ ඔහුගේ මිතුරන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබෙනවා.