නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර මැත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට ගෙන ඇති තීරණය ගැටලු රැසකට මුල්වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළ යාම මෙන්ම, ගෘහස්ථ හිංසන, මාර්ග අනතුරු ඉහළ යාම ආදී ගැටලු රැසක් ඒ හරහා නිර්මාණය වනු ඇති බවයි.
මේ හේතුවෙන් මත්පැන් අලෙවිය නතර කිරීමට සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස වෛද්‍ය සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
අන්තර්ජාලය ඔස්සේ හෝ මත්පැන් අලෙවියට අවස්ථාව ලබා නොදිය යුතු බව ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා ඇත්තේ,
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදි මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ කිසිදු ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරිමට සුදුසු වාතාවරණයක් මෙතෙක් උදාවී නොමැති බවයි.