ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් වරයා සහ ගුරු විදුහල්පති සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වේ.
මේ සඳහා සියලු වෘත්තීය සංගම් වලට සහභාගිවන ලෙස දැනුම් දී ඇත.
මේ වන විට වැටුප් විෂමතා අර්බුදය හේතුවෙන් ගුරු සංගම් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වී දින 67 කි.
ඔවුන් උසස්පෙල හා ශිෂ්‍යත්ව විභාග අයදුම් කිරීමේ කටයුතු වලින් ද බැහැර වූ අතර එම ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් විය.