සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු තිබෙනවා. ඒ, සුදු ලූනු කිලෝ ග්‍රෑම් 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී ලෙස මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.
කොළඹ වරායේ තිබු මෙම සුදුළුෑණු තොගය ලංකා සතොසට මුදා හැර චංචා සහගත ලෙස වෙනත් ව්‍යාපාරිකයෙකුට විකිණීම පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.