සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් ඉදිරි සති දෙක තුනක කාලයේදී පාසල් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් එහිදී පළමුව ළමුන් 200 ට අඩු පාසල්, පෙර පාසල් හා 6 වන ශ්‍රේණිය දක්වා වූ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
මෙරට ළමුන් 200ට අඩු පාසල් 5000 ක් පමණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම පාසල් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සඳහන් කර සිටියේ.
පාසල් ආරම්භ කිරීම පිළිබඳව දින වකවානු තීරණය කිරීම හා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය වූ බව ද ඇමතිවරයා පැවසුවේ.
මේ අතර මේ වන විට පාසල් ගුරුවරුන් , අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත්, එයට අමතරව මේ වන විටත් එන්නත්කරණය කර නොමැති පාසල් ප්‍රවාහන සේවාවන්හි නිරත වන්නන් සියල්ලන්ම ඉතා කඩිනමින් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කර සිටියේ.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදීය.