පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා බම්බලපිටිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
හම්බන්තොට නගරාධිපතිවරයා පසුගිය අඟහරුවාදා (14) රාත්රියේ බම්බලපිටිය කොතලාවල මාවතේ ඉඩම් කැබැල්ලකට බලෙන් ඇතුළු වූ බව වාර්තා වනවා. පසුව ඔහු එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා දී තිබෙනවා.
පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අනුයුක්තව සේවය කළ තුවාල ලැබූ එක් නිලධාරියෙකු සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (15) බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත.
කිසිදු හේතුවක් නොමැතිව හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු එම ස්ථානයට ඇතුළු වී නිලධාරීන් දෙදෙනාට වාචිකව අපහාස කළ බවත් පසුව ඔහු ඔවුන්ට පහර දුන් බව එම ආරක්ෂක නිලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.
හම්බන්තොට නගරාධිපතිවරයාගේ මෙම ක්රියාවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් බම්බලපිටිය පොලිසිය මේ වන විට පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි බම්බලපිටිය පොලිසිය සඳහන් කළේ.