අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින එල් ටී ටී ඊ රැදවියන් සමග අමාත්‍ය නාමල් රාජපක්ෂ අද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, රැදවියන් 11 දෙනෙකු යොමු කර තිබූ ලිපියකට අනුවයි.
එම සාකච්ඡාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින මෙම එල් ටී ටී ඊ රැදවියන්ගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇති බවයි. ඔවුන්ට කඩිනමින් සාධාරණයක් ඉටුකරන බව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙලෙස අද අනුරාධපුර බන්ධනාගාරයට ගියේ එම බන්ධනාගාරයේ රදවා සිටින එල් ටී ටී ඊ රැදවියන් දෙදෙනෙකු දණගස්වා හිසට පිස්තෝලයක් තබා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ තර්ජනය කර ඇති බවට වාර්තා පළ වී ඇති පසුබිමකයි.